සම්බන්ධතාවයක් කියන්නෙ හරි පුදුම දෙයක්. මේ ලෝකේ පවතින්නේ ඒ සබඳකම් නිසා. පරමාණු දෙකක් අතර ඉදන් සූර්‍යා සහ පෘතුවිය දක්වාත් එතැනින් එහාටත් හැමතැනම තියෙන්නෙ කනෙක්ටිවිටි. මිනිසුන් දෙදෙනෙක් අතර (විශම ලිංගික, සමලිංගික හෝ ඕනෑම ආකරයක) තියන මේ බැඳීමට ඇති ලොල් බවමයි පැවැත්ම. කෙනෙක් සමඟ බැදෙන්න අකමැතිව තනියම ඉන්න එකත් තනිකමට ඇති බැඳිම.
Cold War - 2018 ගැන කොහොමද ලියන්නෙ කියල මේ කල්පනා කරන්නේ. අපේ මනස හරිම පුදුම දෙයක්. හරියට වැඩ ගන්නෙ නැති වුනාමත් මනස කම්මැලි වෙනවා. ෆිල්ම් එකක් ගැන කාලෙකින් ලිව්වේ නැතුව ඉදලම දැන් නියෝරෝන ඒ වෙනුවෙන් වැඩකරනවත් හොරයි. නිකොටීන් කියන්නේ එහෙම පාණ්ඩු නියුරෝන ස්පීඩ් කරන දෙයක්. ඉතිං නිකොටීන් ටිකක් පෙනහලුවලට ඉන්හේල් කරන ගමන් ආයෙත් කල්පනා කරන්නේ මේ Cold War ගැන.
කෝල්ඩ් වෝ පෝලන්ත ෆිල්ම් මේකර් කෙනෙක් වන Paweł Pawlikowski ගෙ ෆිල්ම් එකක්. ඇකඩමි අවෝඩ්ස් හම්බ උනු Ida - 2013 ත් එයාගෙ. ඉඩා සහ කෝල්ඩ් වෝ දෙකම 4:3 රේශියෝ, බ්ලැක් ඇන්ඩ් වයිට් ෆිල්ම්ස් දෙකක්. ෆ්‍රේමින් පවෙල්ගෙ සිනමාවේ ගොඩක්ම හොද තැනක තියන දෙයක්. ඉඩා එකේ හැම ෆ්‍රේම් එකක්ම පේන්ටින් එකක් වගේ. ඒ තරම්ම රීඩබල්.
හැබැයි අද මාතෘකාව 'කෝල්ඩ් වෝ'.
දැන් වෙද්දි ෆිල්ම් එකක ඊස්තටික් පැත්තට වඩා මං හොයන්නේ ඒක කොච්චර මට දැනෙනවද කියන එක. මාර සිනමැටික් වීමට වඩා නිර්මාණයක් අපේ ඇතුළට කිඳා බහින එක තමයි දැන් වෙද්දි දැනෙන්නේ. කෝල්ඩ් වෝ කියන්නෙ එහෙම එකක්. ලොකු රික්තක් හදන පීස් එක්ක.
අපි එක්ක හිටපු, අපිත් එක්කම සමහර අමාරු ලෙවල් පහු කරපු කෙනෙක් දැන් වෙද්දී ඉන්නේ වෙන කොහේවත්. ඒ තමන්ට අල්ල ගන්න බැරි තැනකට ඒ අය යන්නේ අපේ ඒ තිබ්බ අව්ලකට වෙන්න ඇති. අපෙන් ෆිල් වෙන්නෙ නැති දෙයකට වෙන්න ඇති. ඒත් දවසක ආයෙත් ආවොත්...!
ඔහුට ඇය හමුවෙන්නෙ ඔහුගෙ වැඩකදි. ඔහුගෙ ඩ්‍රාමා (ඔපෙරා) එකක කාස්ට් එක හොයන තැනක. ඔහු ඇයට ගොඩක් ලං වෙනවා. ඇයත් එහෙමයි. ඔහු සූදානම් ඔහුගෙ වෘත්තීය ජීවිතය කැපකරලා ඇය එක්ක කොහේ හෝ තැනක හුදෙකලා වෙන්න. දෙන්න ඒකට සූදානම් වෙනවා. ඔහු ඒ කැපකිරීම කරල ඇය එනකම් සීතලේ රෑ වෙනකම් බලන් ඉන්නවා. ඇය නෑ. ඇයට ඇයගෙ ටාගට්ස් තියනවා. ඇය ඒ වෙනුවෙන් නවතිනවා.
කාලයක් ගත වෙනවා. ඔහු දක්ශ මියුශීශියන් කෙනෙක්. හැබැයි දැන් ඔහු ක්ලබ් එකක පියානෝ ප්ලේ කරනවා. ආයෙත් අර ජීවිතය එනව ඔහු ළඟට. ඒත් එන්නේ ශෝ එකකට ආපු ගමන්. ඉක්මනින්ම වෙන් වෙන්න.
ඔවුන් මොහොතකට හමුවෙලා ආයෙ වෙන් වෙනවා.
ජීවිතය කියන්නෙ මේ හමුවීම් වෙන්වීම් වලට අර්ත හොය හොය එහෙමෙහෙ යන එක කියල හිතුනත්, අර්ත හොයන්න යන එකම තමයි ජීවිතයෙ වෙන ලොකුම ෆේලියර් එක. අර්තයක් කියන්නෙ හරිම කම්පැක් දෙයක්. අනික ඒක සාපේක්ශයි. ඉතිං නිදහස් බැඳීම් සමඟ හුදෙකලා වෙන්න. බැඳෙන්න. තේරුම් හොයන්නෙ නැතුව.
සැකයත් ආදරය කියන පැකේජ් එකේ එන දෙයක් ගොඩක් වෙලාවට. හැම සම්බන්ධතාවයකම වගේ මේ සැකය අඩු වැඩි වශයෙන් තියනවා. හැබැයි සබඳකමක් සබඳකමක් විදියට තියෙන්න ඇරියොත්, බැඳීම අනුරාගයක් වුනොත් සැකයට ඉඩ නැතිවෙලා යනවා. සමහරවිට සැකය රොමෑන්ටික් වෙනවා.
දවසින් දවස හම්බ වෙලා ආයෙ වෙන් වෙලා වේදනා විඳලා, ආයේ හම්බවෙලා ආයේ වෙන් වෙලා වේදනාවෙන් ඉන්නවට වඩා හොදම දේ මොකක්ද..? දෙන්නගෙ ආදරයෙ නාමයෙන් මැරෙන එකද...?
කෙනෙක් සූසයිඩ් කරගන්න එක ඇත්තටම ෆේල් වීමක් නෙවෙයි. තමා වෙනුවෙන් ගන්න තීරනයක්. ජීවත්වෙන්න ලුහුබඳින අතරේ මරණය ලුහුබඳින්නත් කෙනෙකුට පුලුවන්. අෆයර් එකක් මරණයෙන් කෙළවර කරගන්න පුලුවන් නම්; සඳාකාලික බැඳීමක් විදියට දෙන්නෙක්ට තුරුල් වෙලා මැරෙන්න පුලුවන්නම්, ඒක ඇත්තටම හොඳ දෙයක්. ආදරණීය මරණයක්. ප්‍රේමනීය එක්වීමක්.
කෝල්ඩ් වෝ දේශපාලනික කෘතියකට වඩා මට, ප්‍රේමණීය කෘතියක්. ආදරය, මරණය රොමැන්ටටිස් කරන ෆිල්ම් එකක්. මේ ඒ මරණීයාදරයට කෙටි සටහනක්.
-තරිඳු ජයරත්න,
ස්වර්ගයෙ සිට.
කෝල්ඩ් වෝ දේශපාලනික කෘතියකට වඩා මට, ප්‍රේමණීය කෘතියක්. ආදරය, මරණය රොමැන්ටටිස් කරන ෆිල්ම් එකක්. මේ ඒ මරණීයාදරයට කෙටි සටහනක්.
-තරිඳු ජයරත්න,
ස්වර්ගයෙ සිට.

No comments:
Post a Comment