Wednesday, March 20, 2019

දැකල පුරුදු කෙනෙක් - The Strange Familiar



දැකල පුරුදි කෙනෙක්, අත්දැකපු අත්දැකීමක් මටත් තියනවා. හැබැයි හුරුපුරුදු සචිත්‍රගෙ අත්දැකීම නෙවේ. ඒක, දිනිති-සචිත්‍රගේ ලයිෆ් ෆ්ලෝ එක වෙනස් කරපු බාහිර අත්දැකීම වගේ එකක්. හරි හෝ වැරද්දක් විදියට නැතුව හැඟීමක් විදියට මම-එයා ඒක බාර ගත්තා. හැබැයි ලිබරල් ගතිය 'සෙටිෆයිඩ් අයිතිකාරයා' බාරගන්න සූදානම් වුනේ නෑ. ස්මූත් ගියපු 'සෙටිෆයිඩ් බැඳීම/සහතික කළ බැඳීම' මේ තුනවෙනි පාර්ශවයනිසා හෙලවුනා. අන්තිමේ ආදරණීය ආදරයක්, වෙන කතාවක් තුල හැංගිලා, සිතුවිලි-හැඟීම් එක්ක සංසර්ගය කරලා, සුරතාන්තයට පත්වෙන්න කලින් වෙන් උනා. සංසර්ගයේදී පත් නොවුනු සුරතාන්තය දැන් "දැකලා පුරුදු කෙනෙක්" එක්ක මං අත්දකිනවා. මේ සුරතාන්තය. ක්ලයිමැක්ස් එක.

ක්ලයිමැක්ස් එක/ සුරතාන්තය වචන වලින් පැහැදිලි කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ එක්කම තමා මේ පැහැදිලි කරගන්න හදන්නේ.

ආදරය කියන්නේ හැමෝම ලං කරගන්න හදන, ලං වෙන්න ලං වෙන්න ගොඩක් ඈත් වෙන හැඟීමක්. ආදරය සදාකලික වෙන්නේ නෑ. අප්ඩේට් වීම නිසාම තමයි ආදරය පවතින්නේ. ආදරයක් එක තැනක ලොක් වෙනව කියන්නේ ටිකක් නැරෝ වෙන එක්ස්පීරියන්ස් එකක්. හැබැයි සම්බන්ධතාවය තුල අසමතුලිත වෙනකෙනාට තමයි ගිල්ටි එක දැනෙන්නේ. අවිශ්වාසය තුල හිර වෙන්නේ. අනන්‍යතාව අර්බුධයට යන්නේ. මේ අමිහිරි-සුමිහිරි ඇත්දැකීම, අත්දැකීමක් කරගෙන නිදහස් වෙන්න අමාරුකම තුළ හිර වෙන දෙන්නෙක් දිනිති-සචිත්‍ර වගේම මම-ඔබ. සිරගතකළ සිතුවිලි නිදහසේ පා කරන්න උත්සාහ කරන අපි අනෙකාගේ නිදහස හිරකරන්න බලනවා. දැකලා පුරුදු කෙනෙක් කියන්නේ අනෙකාගේ නිදහස් රසය, නීරසව විඳින මිහිරියාව.

ඉවර වෙන්නේ නැති කතාවක් තියන ෆිල්ම් එකක් කියන්නේ අපේ ඕඩියන්ස් එකට ටිකක් නුහුරු දෙයක්. ෆිල්ම් එක තුලින් අවසානයක් බලාපොරොත්තු වෙන ඕඩියන්ස් එකට බාහිර අවසානයක් දරා ගන්න අමාරුයි. අපේ ජීවිත වල එහෙම නිශ්චිත අවසානයක් නැති නිසාමයි මෙහෙම නිර්මාණයක නිශ්චිත අවසානයක් හොයන්නේ. ඒත් නිශ්චිත අවසානයක් නොමැතිව අපිතුලම නිර්මාණය හිරවෙනවා කියන්නේ නිර්මාණය සහ අපි අතර බෙදුම් රේඛාව මැකෙන එක. ෆිල්ම් එක අපේ කෑල්ලක් වෙන එක. කියන්නේ දැකලා පුරුදු කෙනෙක් කියන්නේ අපේ ජීවිතේම කෑල්ලක් වෙන එක. උත්තරයක් නැති අපේම ප්‍රශ්නයක් වෙන එක.

දිනිති සහ සචිත්‍ර අතරේ හරි කෙනා වැරදි කෙන ගොඩනඟන්නේ අපේ පර්ස්පෙක්ටිව් එකෙන්. කෙනෙක්ට දිනිති හරි වෙද්දි කෙනෙක්ට සචිත්‍ර හරි වෙනවා. ඒත් එහෙම හරි හෝ වැරදි කියන්න අපිට බැරි බව අපිට දැනෙන්නේ අපි චරිතේ ඇතුලට ගියාමයි. අපි දිනිති වුනොත්..? සචිත්‍ර වුනොත්..? දැකල පුරුදු කෙනෙක්ගේ නොදැකපු පල්ස් එකේ තව තව එරෙමු. එරෙන තරමටම පතුලක් හම්බවෙනවා. පතුල ලං වෙද්දී ජීවිතය අහිමි වෙලා තියෙන්නත් පුලුවන්. දැකලා පුරුදු කෙනෙක් කියන්නේ මේ පතුල හම්බ වෙනකම් එරෙන අපේ කතාව

දැකලා පුරුදු කෙනෙක් ලියන්නේ බූපති. ඩිරෙක්ට් කරන්නේ මලිත්. අලුත් සුසංයෝගයක්. අලුත් කතා විලාසයක්. දන්න කියන, හැබැයි නොදැන හිටිය කතාවක්. දැනෙන විදියට කරපු වැඩක්. අධ්‍යනය කියන්නේ ස්කිල්ස් හැදෙන්න හොදම දෙයක් කියල මේ පෙන්නුවේ බූපති. ලංකාවේ ෆිල්ම් එකක් මේ තරම් නීට් විදියට කරන එක කරන්න අමාරු වැඩක් නෙවේ බැරි වැඩක්. ටෙක්නිකල් ෆේලියර්ස් දැනෙන්නෙ නැතිව කරපු හොද වැඩක්. ඒක ස්ටෝරී ටෙලින් ඉදන් ඩිරෙක්ශන්, සිනෙමැටොග්‍රැෆි, එඩිටිං, ඇක්ටිං, ආර්ට් සහ ආකිටෙක්චර් දක්වාත් එතැනින් එහාටත් පර්ෆෙක්ට්.

ෆිල්ම් එකක සිම්බල්ස් යූස් කරන්න ගියාම වැඩියෙන්ම නාන රට ලංකාව. සිම්බල්ස් හරි අමුයි. හැබැයි දැකල පුරුදු කෙනෙක්ගෙ සිම්බල් දැකල පුරුදු නැතිවෙන්න පරිස්සමින් කරනවා. වගේම ටයිම් ඇන්ඩ් ස්පේස් මැනිපියුලේට් කරන විදිය සියුම්. කොන්ෂස්.

මේ ෆිල්ම් එක මෙහෙමයි මෙහෙමයි කියල විසඳගන්නේ නැතිව විවිධ පාරවල් වල අතරමං වෙමු අපි. මේ සතියෙන් වගේ ෆිල්ම් එක ගැලවේවි සමහර විට. ඒත් මේ පොඩි කාලේ ඉන්ඩස්ට්‍රි එකේ වෙනස් රහක වැඩක් තිබිනු කාලයක්. කවුරු හරි රහ මිස් කරගන්න එක අපරාදේ කියල මට හිතෙන්නේ. මොකද මේ දැකල පුරුදු කෙනා හැමතැනම ඉන්නව ඇති. ඒත් අපි දැකලා නැතිව ඇති.

එහෙනම් කවුද මේ ඇත්තටම දැකල පුරුදු..? සචිත්‍ර..? දිනිති..? මම..? එතකොට එයා..? නැත්නම් ඔබ..?



-තරිඳු ජයරත්න.