ලංකාව මේ දවස්වල ගත කරන්නේ අසීරු කාලයක්. ඒ දූෂිත පාලකයන් නිසා. ඉතිං ඒ නිසාම මිනිස්සු එළියට බැස්සා. මිනිස්සුම ඡන්දේ දීලා පත්කරපු ඒ පාලකයෝ එලවන්න්න මිනිසුන්ටම සිදු වුනා. ඒත් ප්‍රධාන පුද්ගලමය සාධකයක් ඉවත් වුනත් මිනිස්සු ඉල්ලපු ඒ පාලන වෙනස මං මේක ලියද්දි පවා සිදු වෙලා නෑ. ඒ වෙනුවට ඒ ඒ පාලකයන්ට බේරෙන්න පුළුවන් වෙන විදියේ වෙනස්කම්, ඔලුමාරු වීම් සිදුකරමින් ඉන්නවා.
ඇත්තටම ඇයි අපිට මෙහෙම වුණේ?
පළවෙනි දේ තමයි 'GotaGoHome' අරගලය ඇත්තටම පීඩිතම මිනිසුන්ට වඩා ට්‍රෙන්ඩ් එකට ගියපු තවත් රැල්ලක් වීම. සමහර රැලි තියනවා හොඳ ඒවා. මේකත් ටිකක් එහෙම එකක්. ඒත් ඒක නීඩ් එකකට වඩා රැල්ලක් වීම තමයි අවුල. එතකොට අරගලයේ දරාගැනීහ වගේ දේවල් කෙලවර වෙන සීමාව තියෙන්නේ ගොඩක් සාමාන්‍ය තැනක. හැබැයි පීඩිතමය තත්වයකින් අරගලයක් දියත් වුනොත් තත්වය මීට වඩා වෙනස් වේවි. මීට වඩා වයලන්ට් වේවි.
ඉතිං මේ අරගලය විසින් ඉල්ලා සිටින දේශපාලනික ප්‍රතිසංස්කරණ ටික පාලකයන්ගෙන් පමණක් ලබාගන්න යාම තමයි අනෙක් ප්‍රධානම ප්‍රශ්නය වෙන්නේ. ඒ කියන්නේ මේ අරගලය විසින් ඉල්ලා සිටින දියුණු මිනිස් අයිතිවාසිකම් ටික දරාගන්න පුළුවන් ‘මහ ජනතාවක්‘ අපිට සිටිනවද යන්න. හොරු එලවන්න කියන්නේ, හොරකන් කරන්න චාන්ස් එකක් ලැබුනොත් නොකර ඉන්න මිනිස්සුද? තමන්ගේ ළඟම කෙනාට ලොකු පෝස්ට් එකක් අරං දෙන්න පුළුවන් නම් නොදී ඉන්න කෙනාද? සමාන මානව අයිතිවාසිකම් පිළිගන්න පුළුවන් කෙනාද? අන්න ඒ වගේ බේසික් දේවල් ටික ෆුල්ෆිල් කරගන්න පුළුවන් තත්වයක ඉන්න මහ ජනතාවක් ද අපි? වඩාත් දියුණු තින්කිං පැටන් එකක් තියන මහ ජනතාවක් බිහිවුනු දවසක අපිට පුළුවන්, දියුණු දේශපාලනික වෙනසක් ලබාගන්න. එතකන් අපිට ලැබෙන්නේ තාවකාලික ක්ලයිමැක්ස් විතරයි.
මං මේ මහ ජනතා ප්‍රශ්නය ගැන කිවුවේ මං ළඟදි බලපු ෆිල්ම් එකකට ප්‍රොලොග් එකක් විදියට. ෆිල්ම් එක පෑඩ්මෑන්. ටිකක් ෆේමස් වුණු ෆිල්ම් එකක්. ෆේමස්වන ෆිල්ම්ස් මට ටිකක් මිස් වෙනවා. මේකත් එහෙම මිස් වෙච්ච එකක්, ඒ නිසා මේ ළඟදි තමයි බැලුවේ.
මං මේ ෆිල්ම් එකට කැමති, සිනමා ලැන්වේජ් එකවත්, ටෙක්නිකල් කෑලි නිසාවත් නෙවෙයි. මේකේ ප්ලොට් එකට. මේන් කැරැක්ටර් එකේ තියන කැරැක්ටර් කොලිටි එකට. මේක ටිකක් මෝටිවේශනල් මූවි එකකුත් වගේ.
ලක්ෂ්මිකාන් කියන්නේ ඉන්දියාවේ ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක්. එයා මැරි කරලා තියෙන්නේ ළඟදි. ඉතිං මෙයා වයිෆ්ට ආදරෙන් ඉන්න ප්‍රේමනීය හස්බන් කෙනෙක්. එයා වයිෆ් වෙනුවෙන් එක එක දේවල් කරලා වයිෆ්ගේ කම්ෆටබල් කරනවා. මේ අතරේ දවසක එයාගේ වයිෆ්ට පීරියඩ්ස් හැදෙනවා. වයිෆ් ගෙදර වෙනම පැත්තක ඒ දවස්ටික ගතකරනවා. ලක්ෂ්මිකාන් ළඟට එන්නේ නැතුව. ඉතිං ඒක මෙයාට අවුල්. ඒ වගේම වයිෆ් පෑඩ්ස් වෙනුවට යූස් කරන්නේ රෙදි කෑල්ලක්. ඉතිං මෙයාට තවත් අවුල්.
ලක්ෂ්මිකාන් ෆාමසි එකට යනවා පෑඩ්ස් ගන්න. ෆාමසි එකේ අයත් හැසිරෙන්නේ ඒක පට්ට ඉල්ලීගල් වැඩක් වගේ. අනික ඒක ලොකු ගානක් වෙනවා. හැබැයි ලක්ෂ්මිකාන්ට පෑඩ් ගැන එහෙම මැජික් එකක් නෑ. එයා ඒක අරං සාමාන්‍ය විදියට වයිෆ්ට දෙනවා. ඒත් ඒකේ තියන ගාන නිසා වයිෆ් ඒක ගන්නේ නෑ.
ඉතිං මෙයාට ඕනි වෙනවා වයිෆ් වෙනුවෙන් මේකට වෙනත් ඕල්ටර්නේටිවු එකක් හදන්න. ඉතිං ඒ හදන ගමන තමයි සරලව පෑඩ් මෑන් කතාව.
සාමාන්‍යයෙන් ලොකේ වෙනස් කරන, අමුතු දේවල් කරන, පට්ට පොරවල් වෙන අයගේ ජීවිතේ ක්ලෝසප් එකක් ගත්තොත් පොඩි ට්‍රැක් පැනපු ගතියක් තියනවා. ඒ කියන්නේ එයාට වටේ දේවල් ගැන තියන ෆෝකස් එක අඩුයි. වැඩේ ගැන විතරයි ෆෝකස් එක තියෙන්නේ. ඉතිං ඒ නිසාම මුල් කාලෙදි එයාට මල් වෙනුවට ගොඩක් ලැබෙන්න්නේ ගල්. ඒත් ඒ ගල්වලින් පාර හැදෙන්නේ එයා දන්නේවත් නැතුව. මෙයත් ඒ වගේ. ගල්ම තමයි. බලන් ඉන්න අපිටත් හිතෙන්නේ මොන මෝඩයෙක්ද මේ කියන එක!
ඒත් එයා එයාගේ ෆෝකස් එක වෙනස් කරන්නේ නෑ. වයිෆ් දාලා යනවා. ගමෙන් යන්න වෙනවා. පවුල නැති වෙනවා. ඒත් එයාගේ ගමන යන්න එයා යනවා. මෙන්න මේ ගමන ඇතුලෙන් එයා ඒ හැම එකටම විකල්ප හොයමින් එයාගේ ප්‍රොඩක්ට් එක සක්සස් කරගන්නවා. ඒ සාර්තකත්ව රහස අතහරින්නේ නැති එක සහ හැම දේටම විකල්ප හොයන එක. ඒත් මෙයා හරියටම ප්‍රොඩක්ට් එක හදාගනිද්දි ප්‍රොඩක්ට් එක විතරයි එයා ළඟ තියෙන්නේ. අනික් ඔක්කොම ගිහින්.
ඇත්ත. අපේ ජීවිතෙත් එහෙම තමයි. සමහර ලොකු ගමන් යද්දි අපිට සමහර දේවල් මිස් වෙනවා. ඒ දෙකම බැලන්ස් කරන්න බැරි වෙනවා. මොකද බැලන්ස් කර කර හිටියනම් අර ලොකු ගමන යන්න බැරි වෙනවා. මේ නේචර් එක හැදෙන්නෙම එහෙම. ඒත් ඒ ලොකු ගමනේ, යම් සංදිස්තානයකින් පස්සේ අපිට අර බැලන්ස් එක ආයේ එනවා. මොකද ඒ ගමන කෙලවර වීම තුළ අපිට ආයෙත් ජීවිතය/ පවුල වගේ දේවල් ඕනි වෙනවා. නැත්නම් ජීවිතයේ අර්ථය, මේ මොහොත වගේ දාර්ශනික දේවල් හම්බ වෙනවා/ හොයනවා.
ඒත් සාර්ථකත්වය නිසාම මිනිසුන්ට ගොඩක් දෙවල් ලැබෙනවා. නැතිවී ගිය අය ආයේ එනවා. මෝඩයෙක් විදියට දැකපු අය මෝඩයෙක් නෙවෙයි කියලා හිතනවා. මොකද මේ ලෝකේ විශ්වාස කරන්නේ එක ම එක දෙයයි. ඒ භෞතිකව සාර්ථක වීම. මොකද ඒක ලොකේ හැමෝටම පේන නිසා. ඉතිං ලක්ෂ්මිකාන් ඉංදියාවේ කවුරුවත් කරන්න හිතපු නැති වෙනසක් ඇති කරා. ඒ එයාව හරියට මාකට් කරන්න පුළුවන් මාකටර් කෙනෙක් ලැබුණු නිසා. ඒ පාරි. ලක්ෂ්මිකාන්ව කටුකොහොල් ඇරලා බ්‍රෂප් කරලා ගන්නේ එයා. ලක්ෂ්මිකාන් ලොකේට යද්දි එයාගේ ළඟින් ඉන්නේ පාරි.
ඒත් මේ ෆිල්ම් එකේ ටිකක් ලූස් වෙන්නෙ ආයේ ලක්ෂ්මිකාන්ගේ පරන වයිෆ් එන තැනදි. ලක්ෂ්මිකාන් එයාගේ පරණ ආදරය වෙනුවෙන් ආයෙත් මුහුවෙන තැන. ලක්ෂ්මිකාන්ව ටිකක් සදාචාරාත්මක සීමාවේ තියලා තියන්න ඕනි නිසා එහෙම කරන්න ඇති. ඒත් එකෙන් ඒ් කැරැක්ටර් එකට පොඩි ෆේක් ගතියක් එනවා. සහ ඒකෙන් සාර්ථක අවසානයක් අරන් දෙන්න නිර්මාණකරුවන්ට ඕනි වුනා වෙන්නත් පුළුවන්. නැත්නම් ඇත්ත කෙනා එහෙම කර නිසා ඒකම මේකට ඇප්ලයි කරා වෙන්නත් පුළුවන්.
කොහොමත් වුනත් ෆිල්ම් එකේ තව මරු තැනක් තියනවා. ඒ ලක්ෂ්මිකාන්ගේ ෆස්ට් කන්ෆරන්ස් එකේදි එයා කතා කරන විදිය. ඉංග්ලිෂ්වලට එයා හරි විිදියට ෆේස් කරලා ලැන්වේජ් කියන්නේ දෙයක් ප්‍රකාශ කරන මීඩියම් එකක් බව කියනවා.
'You're thinking that I'm mad... but only mad people become famous.'
- තරිඳු ජයරත්න
